March 29, 2024

මියගිය දසුන්ගේ දේහය නිට්ටඹුවේ පිහිටි ඔහුගේ නිවසට (PHOTOS)

September 27, 2017

ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන් ගෙලවැලලාගෙන මියයන අවස්ථාවේ සිය ජංගම දුරකථනය මගින් සියල්ල රූගත කර තිබියදී පොලිසියට හමුවී තිබෙනවා. පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ නිවසකදීයි ඔහු මෙලෙස ඊයේ ගෙලවැලලාගෙන මියගොස් තිබුනේ.

28 හැවිරිදි වියේ පසු වූ දසුන් නිශාන් නාට්‍ය ගණනාවකට සහභාගී වුවා මෙන්ම නවතම චිත්‍රපටය ලබන මාසයේ තිරගත වීමට නියමිතය. එමෙන්ම ඔහු මියුසික් වීඩියෝ රැසකටද රංගනයෙන් දායක විය.

බොහෝ රූප රචනා සදහා නිරූපනයෙන් දායක වූ මොහු ජනතාවගේ ආදරය දිනා ගත් නිරූපණ ශිල්පියෙකි. පන්නිපිටියේ නවාතැන් පොලක සිට රංගන කටයුතු සදහා යොමු වූ දසුන් මිය ගොස් තිබෙන්නේත් එම කාමරයේදීමයි.

එම අවස්ථාවේ කිසිවෙකු අදාල නවාතැන්න්පොලේ සිට නොමැති අතර ඔහු සමඟ තවත් රංගන ශිල්පීන් දෙදෙනෙකු එම නවාතැන්පොලේ සිටින බවයි වාර්තා වේ.

දසුන් ඔහු ආදරය කළ යුවතිය සමග විවාහ ගිවිසගෙන සිටි ඇති බවත්  පන්නිපිටිය ප්‍රදේශයේ රූගත කිරීමකට සහභාගී වූ වෙනත් රංගන ශිල්පියෙකු ඔහු හමුවීමට එම නවාතැන්පොලට පැමිණි අවස්ථාවේදී නිවසේ දොර ජනෙල් වසා තිබෙනු දැක පසුව එම නිවසට පිටුපසින් ගොස් ජනේලයකින් බැලූ විට විදුලි පංකාවක එල්ලෙමින් තිබූ සිරුර දැක ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරයි.

ඔහුගේ දේහය මේ වනවිට නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට ගෙනවිත් තිබෙනවා.කලාකරුවන් රැසක් සහ ඔහුගේ රසික රසිකාවියන් විශාල පිරිසක් මේ වනවිට ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා නිවසට පැමිණෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

Rate this item
(6 votes)