April 25, 2024

ජනප්‍රිය නළු දසුන් ලිපියක් ලියා දිවි නසා ගත් හැටි තම ජංගම දුරකතනයෙන් වීඩියෝ කරලා (VIDEO)

September 26, 2017

ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන් ගෙලවැලලාගෙන මියයන අවස්ථාවේ සිය ජංගම දුරකථනය මගින් සියල්ල රූගත කර තිබියදී පොලිසියට හමුවී තිබෙනවා. පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ නිවසකදීයි ඔහු මෙලෙස ඊයේ ගෙලවැලලාගෙන මියගොස් තිබුනේ.

28 හැවිරිදි වියේ පසු වූ දසුන් නිශාන් නාට්‍ය ගණනාවකට සහභාගී වුවා මෙන්ම නවතම චිත්‍රපටය ලබන මාසයේ තිරගත වීමට නියමිතය. එමෙන්ම ඔහු මියුසික් වීඩියෝ රැසකටද රංගනයෙන් දායක විය.

බොහෝ රූප රචනා සදහා නිරූපනයෙන් දායක වූ මොහු ජනතාවගේ ආදරය දිනා ගත් නිරූපණ ශිල්පියෙකි. පන්නිපිටියේ නවාතැන් පොලක සිට රංගන කටයුතු සදහා යොමු වූ දසුන් මිය ගොස් තිබෙන්නේත් එම කාමරයේදීමයි.

එම අවස්ථාවේ කිසිවෙකු අදාල නවාතැන්න්පොලේ සිට නොමැති අතර ඔහු සමඟ තවත් රංගන ශිල්පීන් දෙදෙනෙකු එම නවාතැන්පොලේ සිටින බවයි වාර්තා වේ.

දසුන් ඔහු ආදරය කළ යුවතිය සමග විවාහ ගිවිසගෙන සිටි ඇති බවත්  පන්නිපිටිය ප්‍රදේශයේ රූගත කිරීමකට සහභාගී වූ වෙනත් රංගන ශිල්පියෙකු ඔහු හමුවීමට එම නවාතැන්පොලට පැමිණි අවස්ථාවේදී නිවසේ දොර ජනෙල් වසා තිබෙනු දැක පසුව එම නිවසට පිටුපසින් ගොස් ජනේලයකින් බැලූ විට විදුලි පංකාවක එල්ලෙමින් තිබූ සිරුර දැක ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරයි.

අදාළ ජංගම දුරකතනයේ පටිගතව තිබූ දර්ශනවලට අනුව ඔහු දෙවරක් එල්ලීමට තැත්කර තිබෙනවා.එක් අවස්ථාවක ඔහු බිම අදවැටී ඇති අතර අනතුරුව මිනිත්තු 5 ක් පමණ කාලයක් කල්පනා කරමින් සිටි ඔහු නැවත ටීපෝවක ආධාරයෙන් එල්ලෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙන බවයි එහි සිටි රංගන ශිල්පියෙක් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ඔහු සිය දිවි හානි කර ගන්නා බවට ලිපියක් ද ලියා ඇති බව පොලීසිය ප්‍රකාශ කළ අතර සිය දිවි හානි කර ගැනීමට කිසිදු බාහිර පාර්ශවයකගේ බලපෑමක් නොමැති බව එමගින් ඔහු සඳහන් කර ඇත.

මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව අද (26)  දින සිරුර ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.

මේ අතර අදාළ සියදිවි නසාගැනීම පෙම් සම්බන්ධතාවක් මුල් කරගෙන සිදුකරගත් දෙයක් ද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් පිළියන්දල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් සඳහන් වේ.

ජනප්‍රිය නළු දසුන් නිෂාන් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගනී (PHOTOS)

\

 

Rate this item
(0 votes)