April 20, 2024

දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකික තරුණයෙක් අතුරුදන් (VIDEO)

September 25, 2017

දකුණු කොරියාවෙහි යේසු ප්‍රදේශයේ රැකියාවෙහි නිරත වූ මාතර හඳුගල බෙලිඅත්තකුඹුර නුවන් චතුරංග නැමැති තරුණයෙකු අභිරහස් ලෙස අතුරුදන්ව ඇති බවත්  ඔහුට සිදු වූ දේ පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නැති බවත් ඔහුගේ දෙමාපියන් පවසයි.

මෙම තරුණයාගේ මව එම්.කුමුදු ජානකී වන අතර ඇය පිළිකා රෝගයෙන් පෙලෙන්නියකි.එමෙන්ම ඔහුගේ පියා වන කේ.එල්.ගුණපුජිත ස්නායු රෝගයකින් පෙළෙන්නෙකි.ඔහුගේ එකම සොහොයුරා වන සම්පත් සඳරුවන්  පාසල් අධ්‍යාපනය ලබන්නෙකි.

පවුලේ වැඩිමල් දරුවා වන මොහු දකුණු කොරියාවේ රැකියාවක් සඳහා විදෙස් ගතව ඇත්තේ 2016 අප්‍රේල් 19 වනදායි.

පසුගිය 6 වනදා තම දෙමාපියන්ට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර ඉන්පසු ඔහුගෙන් කිසිදු ඇමතුමක් ලැබී නැති වීම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම්දීමෙන් පසු දැන ගන්නට ලැබී ඇත්තේ ඔහු තව මිතුරෙකු සමඟ මුහුදෙහි බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදී ඔවුන් මුහුදට වැටි ඇති බවයි.එමෙන්ම ඔවුන් පිටත්ව යන ආකාරය එම වෙරළේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන් වී ඇති බව සඳහන් වේ.

නුවන් සමඟ සිටි අනෙක් තැනැත්තා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත්

පසුව ඇමතුමක් මඟින් ඔහු සම්බන්ධ කරගෙන කළ විමසිමේදී නුවන්ගේ දෙමාපියන්ට ප්‍රකාශ කොට ඇත්තේ බෝට්ටුව පැදවූ නුවන් බෝට්ටුවෙන් විසිවී මුහුදට වැටුණ බවත් ඒ අවස්ථාවේ කඹයක් ගෙන ඔහුව බේරා ගැනීමට උත්සාහ ගත්තද එය අසාර්ථක වී ඇති බවයි.

සති දෙකකටත් අධික කාලයක් ගතව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකයක් පවතින බවත් තම දරුවාට සිදුවූ දේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකර දෙන ලෙසත් බලධාරීන්ගෙන් නුවන්ගේ දෙමාපියන් ඉල්ලා සිටියි.

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 September 2017 10:27