April 19, 2024

අරවින්දගෙන් CIDයට පැමිණිල්ලක්

September 21, 2017

අරවින්දගෙන් CIDයට පැමිණිල්ලක් 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් සේවයක් කල දක්ෂ සහ කීර්තිමත් පුද්ගලයෙකු වන අරවින්ද ද සිල්වා ෆේස්බුක් ඔස්සේ අසීරුතාවයට පත්වීම නිසා පසුගිය දිනක CID යට පැමිණිල්ලක් ගොනු කල බවට වාර්තා විය.

අරවින්දගේ නම සහ විස්තර ජායාරුප භාවිතා කරමින් ෆේස්බුක් සමාජ ජාලයේ ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යාම නිසා මෙලෙස අරවින්ද අසීරු තාවයට පත්වී ඇති බවට වාර්තා වේ.

මේ සම්බන්දයෙන් අරවින්ද ප්‍රකාශ කර ඇත්තේ තමා සමාජ ජාලා කෙරෙහි කැමැත්තක් නැති බවත් ෆේස්බුක් රසිකයකු නොවන තමාගේ තොරතුරු ඇතුලත් කරමින් සහ තමාගේ නමින් බොරු තොරතුරු බෙදා හරින මෙම සිද්දිය නිසා තමා අසීරු තාවයට පත්ව සිටින බවක්ය.

මෙම ව්‍යාජ ගිණුමෙන් පලකරන දේ පිළිබඳව තමාගෙන් දුරකථනය ඔස්සේ ප්‍රශ්න අසන තත්වයට ප්‍රශ්නය දුරදිග ගිය නිසා මෙම වැරදි ක්‍රියාව සම්බන්දයෙන් පියවරක් ගැනීමට තමා යොමු වූ බවද අරවින්ද වැඩි දුරටත් පවසා ඇත.

තමා මේ සම්බන්දයෙන් CID යට පැමිණිලි කල විට ඔවුන් තමාව අදාළ ස්ථානයට යොමු කර ඉක්මන් පියවරක් ගැනීම නිසා අදාළ ව්‍යාජ ගිණුම අවහිර කිරීමට ෆෙස්බුක් කටයුතු කල බවද අරවින්ද පවසා ඇත.

Rate this item
(2 votes)
Last modified on Thursday, 21 September 2017 15:49