April 20, 2024

රෝහලට පැමිණ පැටව් බිහි කල සර්පයා

September 20, 2017

පුද්ගලයෙකුට සර්පයෙකු දෂ්ඨ කිරීම නිසා එම සර්පයාද රෝහලට ගෙන ඒමෙන් පසුව අදාළ සර්පයා රෝහල තුලදී පැටව් බිහි කර තිබෙන පුවතක් යාපනය රෝහලෙන් වාර්තා වේ.

යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුට මෙම සර්පයා දෂ්ඨ කර තිබෙන අතර ප්‍රදේශවාසීන් එකතු වී එම පුද්ගලයාද සමඟ සර්පයාද අල්ලාගෙන බෝතලයක දමාගෙන රෝහලට රැගෙන විත් තිබෙන බවයි එහි සේවකයෙකු සඳහන් කළේය.

මෙම සර්පයා පැටව් නව දෙනෙකු බිහි කර තිබෙන අතර ඒ පැටවුන් ජාතික සත්ත්ව උද්‍යානය වෙත භාර දීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙන බවත් සර්පයා දෂ්ඨ කිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයා තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද සඳහන් වේ.

 

Rate this item
(1 Vote)