April 19, 2024

ගණිකා නිවසකදී මව සහ පුතා අත්අඩංගුවට ගත් මෙහෙයුම (VIDEO)

September 20, 2017

කෑගල්ල පොලීසිය කළ වැටලීමකදී ගණිකා නිවසක සිටි මව හා පුතෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

සෝදිසි වරෙන්තුවක් ලබා ගැනීමෙන් පසු උපාය දූතයෙකු යොදවා පොලිසිය මෙම වැටලීම් සිදු කර ඇත.

උපාය දූත පොලිස් නිලධාරියා කෑගල්ලේ අදාළ ගණිකා නිවසට ගොස් රුපියල් 3500ක් ලබා දී පැයක කාලයක කාන්තාවක් ලබා ගෙන තිබේ.

එම අවස්ථාවේදී පොලිසිය වැටලීම් සිදුකර එහි සිටි කාන්තාවන් සහ පිරිමින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (19) පෙරවරු 11.30ට පමණ වැටලීම සිදු කර ඇත.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මීපිටිය ප්‍රදේශයේ  මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති අතර එය වටලා එම ස්ථානයේ පවත්වාගෙන ගිය කාන්තාව, ගණිකා සේවයේ නියැලුණු කාන්තාවන් දෙදෙනෙකු සහ එම ස්ථානයේ සිටි සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කාන්තාව 54 වන වියේ පසුවන අතර සෙසු සැකකාරියන් දෙදෙනා 50 සහ 43 යන වයස්වල පසුවන බව සඳහන් වේ.

ඔවුන් ගම්පොල, මීපිටිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 23, 28, 18 යන වයස්වල පසුවන තරුණයන් බව පොලීසිය පවසයි.

මෙම තරුණයන්ගෙන් වයස අවුරුදු 23 පසුවන තැනැත්තා ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කාන්තාවගේ පුත්‍රයා බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔවුන් දෙදෙනා එක්ව ගණිකා නිවාසය පවත්වාගෙන ගිය බවද සඳහන් වේ.

අත්අඩංගුවට පත් සියලු සැකකරුවන් අද කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කෑගල්ල පොලිසිය වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)