March 29, 2024

විදේශික තරුණ තරුණියන් මැතිඇමතිවරු ඉදිරියේ අපේ ජාතික ගීය අපූරුවට ගායනා කළ හැටි (VIDEO)

September 18, 2017

හැටන් කොටගල හින්දු සංස්කෘතික ශාලාවේ පෙරේදා (16) පැවති කඳුරට ජනතා පෙරමුණේ තරුණ කම්කරු මහා සම්මේලනයට විශේෂ ආරාධිතයන් වශයෙන් පැමිණි රුසියානු, කොරියානු සහ මැලේසියානු ආරාධිතයන් වශයෙන් පැමිණි පිරිසක් එම උත්සවයේ ශ්‍රී ලංකා ජාතික ගීය අභිමානවත් ලෙස සිංහල භාෂාවෙන් ගායනා කරනු ලැබීය.

එම සම්මේලනයට පැමිණි වැඩි පිරිසක් වතුකරය නියෝජනය කරන තරුණ තරුණියන් වන අතර එම උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, කඳුරට ජනතා පෙරමුණේ නායක අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධා ක්‍රිෂ්ණන්, නියෝජ්‍ය අමාත්‍ය අමිර් අලිමි, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අරවින්ද කුමාර්, මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් යන මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූවරුන් රැසක් සහභාගී වී සිටියහ.

එම ප්‍රභූවරුන්  සහ එම සම්මේලනයට පැමිණි වතුකරයේ තරුණ තරුණියන් විසින් ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කළ විදේශ තරුණ තරුණියන්ට උපහාරද පවත්වා ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 September 2017 17:25