April 20, 2024

“බුද්ධදාස සංස්කෘතික රස්තියාදුකාරයෙක්“ - ජැක්සන් ඇන්තනී (VIDEO)

September 18, 2017

ප්‍රවීණ කවියෙකු, කෙටිකතාකරුවෙක්, විචාරකයෙකු මෙන්ම පුවත්පත් තීරු ලිපි රචකයෙකු ද වන බුද්ධදාස ගලප්පත්ති විසින් රචනා කරන ලද “එදවස සොඳුරුමය 4“ තීරු ලිපි එකතුව, “කවි මිහිර“ නිර්මාණ විචාර සංග්‍රහය සහ “මැදියමක කළුවර“ කෙටිකතා සංග්‍රහය පසුගිය 11 දා කොළඹ පදනම් ආයතනයේදී එළිදැක්වීය.

රංගවේදී ජැක්සන් ඇන්තනී, මහාචාර්ය සමන්ත හේරත්, සිනමාවේදී අසෝක හඳගම සහ රංගවේදී ආචාර්ය ජයලත් මනෝරත්න යන අයගේ අදහස් දැක්වීම් ඉදිරිපත් කළ මෙම අවස්ථාව මෙහෙයවනු ලැබුවේ ප්‍රවීණ ගීත රචක බන්දුල නානායක්කාරවසම් විසිනි.

එහිදී ජැක්සන් ඇන්තනී විසින් සිය දේශනයේදී සඳහන් කළේ බුද්ධදාස ගලප්පත්ති හොඳ සංස්කෘතික රස්තියාදුකාරයෙක් බවත් ඔහු දාර්ශනික රස්තියාදුකාරයෙක් බවත්ය.

ජැක්සන් ඇන්තනී, සමන්ත හේරත්, අසෝක හඳගම සහ ජයලත් මනෝරත්න විසින් සිදු කරනු ලැබූ විශේෂ දේශන ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න

ජැක්සන් ඇන්තනීගේ දේශනය

මහාචාර්ය සමන්ත හේරත්ගේ දේශනය

අසෝක හඳගමගේ දේශනය

ජයලත් මනෝරත්නගේ දේශනය 

Rate this item
(0 votes)
Last modified on Monday, 18 September 2017 16:44