March 29, 2024

විදෙස් මාධ්‍යවේදියෙක් කිඹුල් ප්‍රහාරයකින් මරුට

September 16, 2017

අරුගම්බේ මුහුදු තිරයේ කලපු ප්‍රදේශයක රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියෙකු කිඹුලෙකුගේ ගොදුරක් වීමෙන් මිය ගොස් ඇත.

25 හැවිරිදි පෝල් මැක්ලින් නමැති ඔහු බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අනුයුක්තව සේවය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරියෙකුද වන පෝල් මැක්ලින් අරුගම්බේ මුහුදු තීරයේ රළ මත ලිස්සා යාමේ පුහුණුවීම්වල නිරත වී ඇත්තේ මිතුරන් පිරිසක්ද සමඟයි.

අරුගම්බේ එලිෆන්ට් රොක් ප්‍රදේශයේ කලපුව ආසන්නයේ වන ලැහැබකට ගිය ඔහු එහිදී කිඹුලාට ගොදුරු වී ඇත්තේ පෙරේදා (14) පස්වරු 3.30ත පමණ.

ඔහුගේ සිරුර ඊයේ (15)  උදෑසන සොයා ගත් බව පොලීසිය ප්‍රකාශ කළහ.

Rate this item
(0 votes)