April 24, 2024

මව නැති අතර ළිඳට වැටී අවසන් ගමන් ගිය පුංචි සිඟිත්තා (VIDEO)

September 12, 2017

කුරුණෑගල අඹන්පොල දෙමටෑව ගම්මානයේ අවුරුදු 3ක් වයසැති පුංචි දරුවෙකු ගෙවත්තේ ළිඳට වැටී මිය ගොස් ඇත.

ඉඳුවර නිල්නෙත් පුංචි දරුවා මෙසේ මිය ගියේ පෙරේදා (10) සවස 4.30ට පමණය.

ඒ අවස්ථාවේ පියා නිවසේ සිට නැති අතර මව සමඟ දරුවා නිවසේ සිට ඇති බවත් මව පලා කැඩීමට ගිය නිවසින් පිටතට ගිය අවස්ථාවේදී දරුවා මෙම අනතුරට ලක්ව ඇති බවයි.

දරුවා නිවස තුළ නැති බව දැන මව දරුවා සොයා බලා සිටි අතර එම ගෙවත්ත හරහා තවත් නිවසකට යාමට ඇති මාර්ගය වැටී ඇත්තේ හෑරූ ළිඳ අසලිනි.

මේ පිළිබඳව සැක සිතී ළිඳ තුළ බලද්දී දරුවා ළිඳට වැටී සිටි අයුරු දැක තිබෙන අතර එහි ගැඹුර අඩි 35ක් බව හා පවතින නියඟය නිසා එහි ජලය තිබී නැත.

Rate this item
(0 votes)