March 29, 2024

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ සම්මානලාභීන්

September 11, 2017

60 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත්ව පැවැත්විණි.

මෙහිදී සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් යුතු කෘති සදහා සම්මාන පිරිනැමිණි.

ජින් අර්සනායගම් (ඉංග්‍රීසි මාධ්‍ය), මහාචාර්ය ආරිය රාජකරුණා (සිංහල මාධ්‍ය), නීර්වේ පොන්අයියන් (දෙමළ මාධ්‍ය) තිදෙනා 2017 සාහිත්‍යරත්න සම්මානයෙන් මෙවර පිදුම් ලැබූහ.

සෙසු සම්මානලාභීන් මෙසේය.

හොඳම ස්වතන්ත්‍ර නවකතාව - කීර්ති වැලිසරගේ (ගරුඬ මුහුර්තය)
හොඳම ස්වතන්ත්‍ර කෙටිකතාව - ප්‍රභාත් ජයසිංහ (මකර තොරණ)
හොඳම ස්වතන්ත්‍ර පද්‍ය කෘතිය _ ලක්ශාන්ත අතුකෝරල (සමහර කමටහන්)
හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය _ අනුල ද සිල්වා (රාමා හා දිනූ)
හොඳම ගීත රචනා සංග්‍රහය _ කුලරත්න ආරියවංශ (පිනිබර මලක්)
හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය _ ජයලත් මනෝරත්න (මහගිරිදඹ)
හොඳම ළමා සාහිත්‍ය කෘතිය - සිබිල් වෙත්තසිංහ (අවුරුදු කෑම)
හොඳම ළමා සාහිත්‍ය කෘතිය _ තනූජා එන්. අයගම (මගේ ගුරුතුමා)
හොඳම විද්‍යා සාහිත්‍ය කෘතිය - හසිනි භාග්‍යා රත්නායක (සැඟවුණු ලොවක හුදෙකලා ගවේෂණය)
හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘතිය - දිල්හාන් මනෝජ් රාජපක්ෂ (සංශයවාදය හා ඥානයෙහි සීමා)
හොඳම පරිවර්තිත නවකතාව - ආනන්ද අමරසිරි (නොමේරූ තරුණයෙක්)
හොඳම පරිවර්තත කෙටිකතාව - චන්දන මෙන්ඩිස් (වෙස්මුහුණ)
හොඳම පරිවර්තන නාට්‍ය කෘතිය - වෝල්ටර් මාරසිංහ (රත්නාවලී)

හොඳම විවිධ විෂයක ග්‍රන්ථ -

මානව ශාස්ත්‍ර පියසීලී විජේමාන්නගේ "භාෂා විමංසා"

හොඳම විවිධ විෂයක ග්‍රන්ථ -

සමාජ ශාස්ත්‍ර වික්ටර් පෙරේරාගේ "පොලිස් ඉතිහාසය හා ප්‍රජා පොලිස් සේවය"

හොදම විවිධ විෂයක ග්‍රන්ථ -

පරිවර්ති ත ගායත්‍රි මනෝහාරි හේරත්ගේ "මගේ ජීවන කතාව"

හොඳම ශ්‍රාස්ත්‍රීය හා පර්යේෂණ -

පරිවර්තිත - සම සම්මාන විමලසේන විතාන පතිරණගේ "දැහැමි අශෝක" අසංග තිලකරත්නගේ "නිර්වාණය හා අවාඩ්‍යත්වය"

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Rate this item
(0 votes)
Last modified on Monday, 11 September 2017 11:23