April 25, 2024

කාන්තා ඇඳුමින් සැරසී රාත්‍රීයේ නගරයේ සැරිසරන තරුණයෙක් ඝාතනය කෙරේ (PHOTOS)

September 06, 2017

දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි කුලී රථ නැවතුම්පළ ස්ථානයේ තිබී ඝාතනය කරන ලද තරුණයෙකුගේ මළසිරුරක් ඊයේ  (5) අලුයම සොයාගත් බව දඹුල්ල පොලිසිය කියයි.

මෙම තරුණයා පොලුවලින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල කලුන්දෑව වල්ගම් වැව ප්‍රදේශයේ පදිංචි සනත් කුමාර( 34) යන අ යයි .

මියගිය පුද්ගලයා නිතර නිතර දඹුල්ල නගරයේ රාත්‍රී කාලයේ කාන්තා ඇඳුමින් සැරසී සිටින බව පොලීසිය කියයි. ඝාතනය සිදුවන අවස්ථාවේ දී මෙම තරුණයා කාන්තා ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි බව පොලිසිය කියයි.

මේ ස්ථානයේ අයකු කියා සිටියේ අළුයම 2.00 ට පමණ මෙම තැනැත්තා වැටී සිටිනු දැක තවත් පිරිසක් සමග පොලීසියට දැනුම් දුන් බවයි .දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායමක් අළුයම් කාලයේ ම මෙම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

ඝාතනය සිදු වූ ස්ථානයේ පුද්ගලයාට පහර දුන් බවට සැකකෙරෙන ලී දඬු මෙන්ම මෙම පුද්ගලයාගේ බවට සැකකරන කුඩයක් අත් ඔරලෝසුවක් ස්ථාන කිහිපයකම වැටී තිබියදී සොයාගෙන තිබේ.මෙයට අමතරව ස්ථාන කිහිපයකම ලේ පැල්ලම් හමුවූ බව පොලීසිය කියයි. මියගිය තරුණයාගේ සහෝදරියක හඬා වැටෙමින් කියා සිටියේ මියගිය තම මල්ලිගේ දුරකථනයෙන් අලුයම තුනට පමණ පුද්ගලයෙකු තමන්ට ඇමතුමක් ලබාදී පරුෂ වචනයෙන් බැණ තම මල්ලි ඝාතනය කළ බවට පාපොච්චාරණය කළ බවයි.එම කටහඩ හදුනා ගැනීමට නොහැකි වූ බවද කීවාය .

උදෑසන රෝහල ඉදිරිපිට පැමිණි මියගිය තරුණයාගේ පියා සහ ඥාතීන් හඬා වැටෙන අයුරු දැක ගැනීමට හැකි විය. මෙම මිය ගිය පුද්ගලයා කාලයක සිටම කාන්තා ඇඳුමෙන් සැරසී රැ නගර ආශිතව කාලය ගත කිරීමත් කාන්තාවන් ඇසුරු කිරීමත් සිදු කරන බවත් ඔහු ආකාරයෙන්ම හැසිරෙන තවත් කණ්ඩායම් සමග නිරන්තරයෙන් සිටින බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ ඇතැම් දිනවල රාත්‍රී කාලයේ මේ ආකාරයෙන් කාන්තා ඇඳුමෙන් සැරසී සිටිය දී අත්අඩංගුවට ගෙන අධිකරණයට පවා මෙම තරුණයා ඉදිරිපත් කොට තිබුණු අයෙකු බවයි.මෙම ඝාතනයට හේතු වූ සිද්ධිය මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතනය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් මේ වන විටත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේ අපරාධයට සම්බන්ද සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකිවන බවයි.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Friday, 08 September 2017 11:08