March 28, 2024

සරසවි සිසුන් රැගත් බස් රථයක් අනතුරට (VIDEO)

September 04, 2017

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අයත් බස් රථයක් සහ මෝටර් රථයක් සෙනසුරාදා රාත්‍රී 11.20 ට පමණ හෝමාගම හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දියේදී මුහුණට මුහුණලා ගැටී අනතුරක් සිදුව තිබේ.

පොලිසිය පැවසුවේ අනතුරින් බස් රථයේ ගමන් ගත් විශ්ව විද්‍යාල සිසුන් 19 දෙනකු තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූවන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් බරපතල තුවාල ලබා සිටි එක් සිසුවකු පසුව කොළඹ ජාතික රෝහලට  මාරු කර යැවූ බව ද පොලිසිය පවසයි.

අනතුරට ලක්ව ඇත්තේ තලංගම ප්‍රදේශයේ තිබු වැඩමුළුවකට සහභාගි වී ආපසු විශ්ව විද්‍යාලයට ගමන් කරමින් සිටි සිසුන් 65 දෙනෙකු රැගත් බස් රථයකි.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරා අත් අඩංගුවට ගෙන වැඩිදුර  පරීක්ෂණ පවත්වන බව හෝමාගම පොලිසිය පවසයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 September 2017 17:12