March 28, 2024

පොලිතින් තහනම ක්‍රියාත්මකයි - විකල්ප මෙන්න

September 01, 2017

පොලිතින් ආශ්‍රිත නිෂ්පාදනය, බෙදා හැරීම හා විකිණීම අද (01) සිට තහනම් වේ.ඒ පිළිබඳව කරුණු දක්වන මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න මහතා පවසන්නේ ලන්ච් ෂීට්, සිලි සිලි බෑග් ඇතුළු පොලිතින් නිෂ්පාදන අද සිට තහනම් බවයි.

තහනම් කෙරෙන පොලිතින් නිෂ්පාදන වෙනුවට භාවිත කළ හැකි විකල්ප නිෂ්පාදනයක් කැලණිය විශ්ව විද්‍යාලයෙන් එලි දැක්වූ අතර තහනම් කෙරෙන පොලිතින් නිෂ්පාදන වෙනුවට විකල්ප නිෂ්පාදන කිහිපයක් මේ වන විටත් වෙළදපොළට හඳුන්වා දී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මාස හයක් තුල සම්පූර්ණයෙන්ම දිරාපත් වන කිසිදු අහිතකර සංඝටකයක් අඩංගු නොවන පරිසර හිතකාමී පොලිතීන් විශේෂයක් හදුන්වා දීමට සිවිල් ඉංජිනේරුවරයෙකු සමත්වී තිබේ.

අමිල් ප්‍රියන්ත නමැති මෙම සිවිල් ඉංජිනේරු මහතාගේ නව සොයා ගැනීම වර්තමාන පොලිතීන් නිශ්පාදකයින්ට සිය යන්ත්‍ර සූත්‍ර වෙනස් කමකට ලක් නොකර එලෙසම තිබිය දී භාවිතා කරමින් මහා පරිමාණයෙන් නිපදවීමට හැකියාව පවතී.

මෙම නව පොලිතීන් වර්ගය උණු ජලයේ සම්පූර්ණයෙන්ම දිය වී යන අතර පසුව එම ජලය පානය කලද කිසිදු හානියක් නැත.

මෙම පොලිතීන් වර්ගය ගිනි තැබූවද සාමාන්‍ය පොලිතීන් මෙන් දිය වි නොවැටෙන අතර කඩදාසියක් ගිනි තැබූවාක් මෙන් දහනය වේ.

ස්වාභාවික පිටිවර්ග සහ එළවලු තෙල් ඇතුලු අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙම පොලිතීන් වර්ගය නිශ්පාදනය කරනු ලබයි.

මෙම නව නිෂ්පාදනය ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම රජයේ සහ අදාළ ආයතන වල වගකීම වේ.

මේ අතර පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වීවෘත භූමි තුළ පිළිස්සීම ද අද සිට තහනම් වන බවද මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.

 

Rate this item
(0 votes)