April 25, 2024

තැපැල් ස්ථානාධිපතිනිය දිවිනසා ගත්තාදැයි සැකයක් (VIDEO)

ඇල්පිටිය කුරුදුගහහැතැක්ම තැපැල් කාර්යාලයේ හටගත් ගින්නෙන් මියගිය තැපැල් ස්ථානාධිපතිනියගේ සිරුරු කොටස්වල වස අඩංගු වූ බව අධිකරණ වෛද්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇත.

ඒ ඊයේ (29) පස්වරුවේ ඇයගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය රෝහලේදී සිදු කළ අවස්ථාවේදීය.

ඒ අනුව ගිනි ඇවිලී මිය යෑමට පෙර වස ශරීර ගත වී ඇති බවට පොලීසිය සැක පළ කරයි.

කෙසේවෙතත් එය සියදිවි හානි කර ගැනීමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර ඊයේ තැපැල් කාර්යාලයේ තිබී වස බෝතලයක්ද පොලීසිය සොයාගෙන ඇත.

තවදුරටත් සිදුකළ විමර්ෂණවලදී තැපැල් කාර්යාලයේ එක් පසෙක කුප්පි ලාම්පුවක්ද තිබී හමු වී ඇති අතර එහි භූමිතෙල් නොතිබූ බව පොලීසිය පවසයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන අතර මියගිය තැපැල් ස්ථානාධිපතිනියගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 August 2017 12:37