April 23, 2024

බෞද්ධ කොඩියේ වර්ණවල ඇඳුමින් සැරසුණු තරුණියන්ගේ ජායාරූපවල ඇත්ත කතාව

හික්කඩුව සීනිගම දේවාලයේ මහ පෙරහැර අතරතුර බෞද්ධ කොඩියේ වර්ණ දර්ශනය ඇඳුමකින් සැරසී පෙරහැරේ ගමන් කළ තරුණියන්ගේ බවට පළවූ ජායාරූපයක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබේ.

මෙකි සිදුවීම පළමුවන පෙරහැර දිනයේදී සිදුව ඇති බව වාර්තා වේ.

මෙලෙස මෙම තරුණියන් විසින් ගමන් කර ඇත්තේ දේවාලයේ අභ්‍යන්තර ආරවුලකට බව වාර්තා වේ.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ජායාරූප ප්‍රචාරය වීමත් සමඟ පසුදින එම තරුණියන් විසින් පෙරහැරට සුදුසු ඇඳුමකින් සැරසී ගිය බව සඳහන් වේ.

කෙසේවෙතත් මෙලෙස බෞද්ධ කොඩියේ වර්ණ දර්ශනය ඇඳුමකින් සැරසී ගමන් කිරීම පිළිබඳව හිමිනමක් විසින් පොලිස්පතිතුමාට පැමිණිල්ලක්ද සිදු කර ඇත.

ඒ අනුව පොලිස්පතිතුමා විසින් අදාළ සිදුවීම පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ පොලිස් කණඩායමක් පත් කරනු ඇති බවත් මේ සිදුවීම පිළිබඳ හික්කඩුව ප්‍රාදේශීය ලේකම්වරයාටද අද දැනුම්දෙන බවත් උන්වහන්සේ ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

Rate this item
(1 Vote)