April 19, 2024

උසස් පෙළට පෙනීසිටි සිසුවිය අතවර කර මරා දාලා

මෙවර උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි දහහත් හැවිරිදි පාසල් සිසුවියක ඊයේ (23 ) තඹුත්තේගම ගිරිබාව ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඝාතනය කර තිබේ.

මෙම සිසුවිය නිවසේ සිටියදී ඇගේ මව නිවසින් බැහැරව ගොස්‌ ඇති අතර පසුව දහවල් දොළහට පමණ යළි නිවසට පැමිණ බැලීමේදී දියණිය ඝාතනය කර තිබෙනු දැක සිද්ධිය පොලීසියට දැනුම් දී ඇත.

මව නිවසින් පිටව ගිය පසු සිසුවිය තනිව සිටියදී එහි පැමිණි කිසියම් පුද්ගලයකු ඇයට අතවර කිරීමට උත්සාහ කර පසුව ඝාතනය කරන්නට ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත්  
අතවර කිරීමට තැත් කිරීමේදී සිසුවිය ඝාතකයා සමඟ පොර බදන්නට ඇතැයිද එහිදී හුස්‌ම හිර වීමෙන් ඇය මිය යන්නට ඇතැයි සැක කරන බවද ගිරිබාව පොලිසිය පවසයි.

සිසුවියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‌ෂණය අද (24 ) සිදුකිරීමට නියමිත බවත් ඝාතකයා අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සිදු කරති.
 

Rate this item
(0 votes)