April 25, 2024

නිවසට ගිනි තැබීමෙන් පාරට වැටුණු දියණියගේ බලාපොරොත්තු ඉටුවෙයි (VIDEO)

කිසියම් පිරිසක් නිවසට ගිනි තැබීම නිසා පොත්පත් හා සහතික අහිමි වූ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින පුංචි දියණියට නව ඉඩමක් මිලදී ගෙන අංග සම්පුර්ණ නිවසක් ඉදිකර දෙන බවට අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (17) පොරොන්දු විය.

ඒ අමාත්‍යවරයා එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලංකික කෝටිපති ව්‍යාපාරිකයකු වන ඩර්වින් ගුණසේකර හා දැරියගේ සුවදුක් බැලීමට පාදුක්ක මිරියගල්ලට පැමිණි අවස්ථාවේදීය.

ශිෂ්‍යත්ව කඩඉමකට තවත් නොබෝදිනකින් මුහුණ දෙන නිමාෂි කාව්‍යා නමැති දැරියගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් ඇයගේ නිවසට ගිනි තැබීමේ පුවතක් පාදුක්ක මිරියගල්ල ආදර්ශ ගොවිපල ප්‍රදේශයෙන් පසුගිය 14 වනදා වාර්තා විය.

කලක පටන් පවුල සමඟ ආරවුලක් ඇති කරගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු නිමාෂි කාව්‍යා නමැති මෙම දැරියගේ නිවසට ගිනි තබා තිබුනේ ඔවුන් නිවසේ නොසිටි අවස්ථාවකයි.

ගින්නෙන් තමන්ගේ පොත්පත් සියල්ල අහිමි වූ දියණියගේ මව පවසා සිටියේ ඇයගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් එල්ල වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අසල්වැසි කාන්තාවන් දෙදෙනෙකු පාදුක්ක පොලීසිය අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 18 August 2017 09:47