April 25, 2024

පේර විස වී දැරියක් මියයයි

ඌව පරණගම අඹගස්දෝව ප්‍රදේශයේදී පේර ගෙඩි ආහාරයට ගැනීමෙන් පසු ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් 16 හැවිරිදි දැරියක් මිය ගොස් ඇත.

ඊයේ පියා විසින් කුඹුරට යෙදූ කෘමිනාශක තොගයක ඉතිරිය පසුව මෙම පේර ගස්වලට යොදා ඇති අතර එම දරුවන් මෙම පේර අනුභව කර ඇත.

ඇය සමඟ තවත් තුන්දෙනෙකු පේර ආහාරයට ගෙන ඇති අතර පසුව ඔවුන් ඌව පරණගම රෝහලට ඇතුළත් කෙරුණු බව පොලීසිය පවසයි.

වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව රෝහලට පසුව මාරු කර යවා ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී දැරිය අද අලුයම මිය ගොස් ඇත.

රෝහල්ගත කළ අනෙක් දැරියන් තිදෙනා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව පොලීසිය පවසයි.

කිසියම් රසායනික ද්‍රව්‍යයක් මෙම පේර ගෙඩිවල යොදා තිබුනේද යන්න පිළිබඳව සැකයක් පවතින අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පළාත් සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 August 2017 15:41