March 29, 2024

ශිරන්ති වෙනුවෙන් මහින්දත් CIDය අසලට එයි (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා මේවන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.

චීනයේදී කක්ෂගත කළ බව කියන සුප්‍රීම් සැට් - 1 (SupremeSAT-I) චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රෝහිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇතැයි වාර්තා වේ.

රෝහිත රාජපක්ෂ මහතා සුප්‍රීම් සමාගමේ තාක්ෂණික කණ්ඩායමේ ප්‍රධාන ඉංජිනේරුවා ලෙස කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව රෝහිත රාජපක්ෂ මහතා පෙරවරු 09.30 ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.

මේ අතර ප්‍රකාශයක් ලබා දීමට ශිරන්ති රාජපක්ෂ මහත්මියද මේවන විට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති අතර ඒ සමගම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල අසළට පැමිණ තිබේ.

හෙට(16) දිනයේ යෝෂිත රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

වසිම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රශ්න කිරීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)