April 19, 2024

බීමතින් රිය පැදවූ රූමත් තරුණිය පොලීසියට තර්ජනය කරයි (VIDEO)

බීමතින් රිය ධාවනය කළ කාන්තාවක් පසුගිය දවසක රාත්‍රියේදී පොලිසියෙන් අත්අඩංගුවට අරන් තියෙනවා.

මෙහෙම අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මේ කාන්තාව කියලා තියෙන්නේ තමන් රියදුරු පාසලක සේවය කරනවා කියලයි.

පිළියන්දල බෝකුන්දර හංදියේදී අපරීක්‍ෂාකාරී අන්දමින් පැමිණෙන වෑන් රථයක්‌ නවතන ලෙසට රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ නිලධාරීන් අත දමා ඇතත් එම අණ නොතකා වෑන් රථය බෝකුන්දර පාරට දමා ධාවනය කර තිබෙනවා. පසුව පොලිස්‌ නිලධාරීන් යතුරු පැදියෙන් ඒ පසුපස යද්දී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටී නතර වෙලා.

වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි රූමත් කාන්තාවක් වන මැය කැස්‌බෑව ප්‍රදේශයේ සාදයකට ගිහින් එනකොට තමයි මෙහෙම පොලිස්‌ අත්අඩංගුවට පත්වෙලා තියෙන්නේ.

මෙම කාන්තාවට රියදුරු බලපත්‍රයක්‌ පවා තිබී නැහැ. නමුත් මැය රියදුරු පාසලක්‌ පවත්වා ගෙන යනවා කියලා තමයි පොලිසියට කියලා තියෙන්නේ.

කොහොමවුනත් මැය පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ තාමාට ලයිසන් ඉන්ෂුවරන්ස් තිබෙන බවත්උසාවියට ඉදිරිපත් කළද බය නැති බවත් පවසමින් පොලීසියටත් තර්ජනය කරලා.

Rate this item
(0 votes)