April 25, 2024

සාරංග ගැන උමාලිට යළි හිත යයි - ධනුකත් ජපානයට

සාරංග සහ උමාලි දෙදෙනා මෙරට කලා ක්ෂේත්‍රය තුළ නම් දැරූ දෙදෙනෙක්.ඒ දෙදෙනා ආදරයෙන් සිටි යුවලක් ලෙස සැමදෙනා අතරම ජනප්‍රියත්වයට පත්ව සිටියත් මේ වන විට උමාලි හා සාරංග අතර ඇත්තේ දෙදරා ගිය ආදර සම්බන්ධතාවයකි.ඔවුන් දෙදෙනාගේ මේ ආදර අවනඩුව මේවන විට සැමදෙනාගේම කතා බහට ලක්වී ඇත.

සාරංග හා උමාලිගේ දික්කසාද නඩුව මේ වන විට දෙවතාවක් පමණ කැඳවා ඇති අතර එම කිසිදු නඩු වාරයක් සඳහා උමාලිගේ පාර්ශවයෙන් කිසිවෙකු සහභාගී වී නොමැත.

සාරංග උමාලි විවාහය දෙදෙරා යාමට මුලික හේතුව උමාලි නව පරපුරේ රංගන ශිල්පියෙකු වන ධනුක දිල්ෂාන් සමග වසර දෙකකට ආසන්න කාලයක් රහසිගතව පවත්වා ගෙන ආ පේ‍්‍රම සම්බන්ධතාවය බව ආරංචි මාර්ග පවසයි.

මෑතකදී තිබූ රයිගම් ටෙලි සම්මාන උළෙලේදී යළිත් ඔවුන් දෙදෙනා හමු වුණා.උමාලි සාරංග හමු වූ විට හැගුම්බරව ප්‍රකාශ කළේ “සිත්වල කෝ බන් ආදරේ” ලෙසයි.

මේ වන විට උමාලි තමා කළ වරද සම්බන්ධයෙන් පසුතැවිලි වන බවත් නැවතත් සාරංගගේ ආදරය තමන් වෙත ලබා ගැනිමටත්  ඇය උත්සාහ ගන්නා බවත් ආරංචි මාර්ග පවසයි.

මේ කෙසේවෙතත් සාරංග දරන්නේ වෙනම අදහසක්.ඔහු කියන්නේ උමාලි සමඟ නැවත දීග කෑමට කිසිදු කැමැත්තක් නොමැති බවයි.

පසුගිය දිනෙක නිනෝ ලයිව් සඳහා උමාලි සහභාගී වූ බවත් ඇයගේ පවුලේ සියලුදෙනා ඇයට රැකවල් ලබාදී ඇති බවත් එසේ අයට රැකවල් යොදාගන්නට හේතුව තරුණ හා ජනප්‍රිය රංගන ශිල්පීයෙකු වන ධනුක දිල්ෂාන් හා ඇයගේ ස්වාමියා වන සාරංග දිසාසේකරය.

මෙම උත්සවයන් සඳහා සහභාගී වූ උමාලි නැවත ජපානය බලා පිටත්ව ගිය අතර ධනුකද ජපානයට ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.එමෙන්ම ධනුක හා උමාලිගේ ජපාන සංචාරය අතරතුරදී ඔවුන් දෙදෙනා රහසිගතව මුණගැසෙන බව ඇතැමුන් පවසයි.

එමෙන්ම සාරංග හා නැවත එකතු වී  ධනුක  සමඟ හොර රහසේ සම්බන්ධතාවයක් ගෙන යෑමට උමාලි උත්සාහ ගන්නා බවත් කොතරම් මුරකා දැමුවත් ධනුකගේ හා  උමාලිගේ ආදර සම්බන්ධය නැවැත්වීමට නොහැකි බවත් ඔවුහු විශ්වාස කරති.  

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 August 2017 15:32