April 25, 2024

අන්ද වූ බිරිය ජිවත් කරවන ආදර්ශමත් සැමියෙක් (PHOTOS)

අන්ද වූ බිරිය ජිවත් කරවන ආදර්ශමත් සැමියෙක් අගහිගකම්වලින් දිලිදු වුවත් ආදරය පොහොසත් පවුල හදිසියේ දෑස නොපෙනෙන තත්වයට පත් වූ බිරිඳ සමග ඉතා අසරණව මෙන්ම ආදරයෙන් ජිවත්වන ආදර්ශමත් යුවලක් හබරණ මොරගස්වැව ප්‍රදේශයේ ජීවත් වෙයි.

ආර්.එම්.පියසිරි රත්නායක (57) මහතාත් එම්.පුන්චිකුමාරහාමි (57) මහත්මියත් කුලී වැඩක් කරගෙන වේලක් හැර වේලක් ආහාර ගෙන සතුටින් ජීවත් වී ඇත.ඒ අතරදී මීට මාස නවයකට පෙර පියසිරිගේ බිරිදගේ දෑස නොපෙනෙන්නට වුවාය.දුක් මහන්සියෙන් හම්බ කල සියල්ල වියදම් කොට දෑස පාදගන්න ගත් උත්සාහය අසාර්ථක වී ඇත .

පියසිරිට දැන් කුලියකට යන්න හෝ බැරි වී ඇත්තේ සිය බිරිදගේ සියලු ඕනෑඑපාකම් ඉටු කිරීමට අවැසි නිසාය.මුල සිටම දෑස නොපෙනුන සිය බිරිද ඇවිදින්නට ගොස් ඇදවැටී තුවාල සිදුකර ගන්නා බව ඔහු කියයි.

කවුරුන් හෝ ගෙනත් දෙන දෙයකින් දිනකට වේලක් සරි කර ගන්නා මේ පියසිරි බිරිද නාවා කවා පොවා කුඩා දරුවකු සේ ආදරයෙන් රැකබලා ගන්නේ රටටම ආදර්ශයක් දෙමිනි.සිය බිරිද රෝගී තත්වයෙන් පෙලීම නිසා දරුවන්ගේ සිහිනයට සමුදුන් බව ඔහු අප සමග කීවේය.

බාගයට තනාගත් නිවසේ කාමරයක මේ දෙන්නා ඉතා ආදරයෙන් ජිවත්වන අතර තවම දෙන්නා අතර විහිළුවකට හෝ අඩදබරයක් නොවීම වාසනාවකි.හරිහමන් ආහාරයක්, වස්ත්‍රයක් නොමැති මේ යුවලට කාගේ හෝ උදව්වෙන් කාරණා තුනක් ඉටුවන තෙක් ඔවුන් මඟ බලා සිටිති.

එනම් ආහාර පාන ඇදුම් පැළදුම් , බිරිදගේ ඇස්දෙක සුවපත් කරවා ගැනීම හා බාගෙට තැනූ නිවසේ ඉතිරි වැඩ ටික සිදු කර ගැනීමයි.

ඔවුන්ගේ දුරකථන අංකය වන්නේ 0710918792.කැමති අයෙක් වෙතොත් උදව්වක් කරන මෙන් ඉල්ලා සිටිමු.

(දඹුල්ල කාංචන කුමාර ආරිදාස )

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 August 2017 11:47