March 29, 2024

දෙවිනුවර මහ පෙරහැරේ අලියෙක් කුලප්පු වෙයි

ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් මහා දේවාලයේ 760 වැනි වාර්ෂික ඇසල මංගල්‍යයක් රන් දෝලි මහා පෙරහැර ඊයේ (07) රාත්‍රියේ දී විදි සංචාරය කරනු ලැබිය.

පෙරහැර මඳ දුරක් යන අවස්ථාවේ දී අලියෙකු කුලප්පු වුයේ යැයි කියමින් ජනතාව දැඩි කළබලයට පත් විය.මේ නිසා පෙරහැර නැරඹීමට පැමිණි ජනතාව එහෙ මෙහෙ දිව යන්නට විය.මේ නිසා පෙරහැර මදකට නතර විය.

පසුව පොලීසය මැදිහත් වි කාරණය සෙවිමේදී දෙවිනුව දේවාලයේ ප්‍රධාන කපු රාම ක්‍රිෂ්ණ තේනබදු විසින් පෙරහැරේ පැමීණිමට ප්‍රමාද වීම නිසා මේ තත්ත්වය ඇති වී තිබේ.මේ නිසා නිලමේවරයා පෙරහැරේ ගමන් කරන විටත් ප්‍රධාන කපුවා නොපැමිණිම හේතු කර පෙරහැර විශාල ගැටළුවකට පත් විය.

මේ නිසා පෙරහැර නැරඹිමට පැමිණි පිරිස විශාල ගැටළුවට පත් විය.මීට අමතරව දේවාල භුමියේ බැද සිටි අලියෙකු කුලප්පු විම නිසා දඬු කෑලිවලින් පහරදිමට සිදු විම නිසා පෙරහැර නැඹිමට පැමිණි පිරිසක් තුවාල ලබා ඇත.එම අලියා මඳ කිපිම හේතු කරගෙන ගස් බැද සිටිය ද මේ තත්ත්වයට පත් වී ඇත.

ලක්ෂ 4 ආසන්න ප්‍රමාණයක් පෙරහැර නැරඹිමට පැමිණ සිටි අතර මේ නිසා දැඩි ගැටළුවට පත් වී ඇත.දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ කේ.එච්.නන්දසිරි මහතාගේ මූලිකත්වයෙන් මෙවර ඇසල මංගල්‍යය ලබන 01 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වේ.

(මාතර කැලුම් බෝධිමාන)

 

Rate this item
(0 votes)