April 25, 2024

තිදරු මවක් නිවසටම පැමිණ පැහැර ගෙන ගිය හැටි - CCTV දර්ශන සහිතයි

තම බිරිඳ පැහැර ගැනීමට ලක්ව දින 3ක් ගත වූවද මෙතෙක් ඇය පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බව රත්නපුර මැණික් ව්‍යාපාරිකයෙකු පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අදාළ කාන්තාව සොයා පොලිස් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකවන බවයි.

මෙම පැහැර ගැනීම සිදුව ඇත්තේ පසුගිය 27 වනදා පෙරවරු 7.30 ට පමණ රතන්පුර නගරයේ පිහිටි ඇයගේ නිවස තුළයි.

34 හැවිරිදි විශාඛා සුදර්ශනී අබේරත්න නම් තිදරු මවක් මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා මැණික් ව්‍යාපාරිකයෙකි.

අදාළ කාන්තාව සහ දරුවන් දෙදෙනෙකු පමණක් එම අවස්ථාවේ නිවස තුළ සිට ඇති අතර ස්වාමියා සිය දියණියක් සමඟ ව්‍යාපාරික කටයුත්තකට රත්නපුර නගරයට ගොස් තිබේ.

නිවසේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවල නිවසට ඇතුළුවන පුද්ගලයෙකු කාන්තාව පැහැරගෙන යන අයුරු සටහන් වි තිබේ.

මේ සම්බන්ධයෙන් කුඩා පිරිමි දරුවා අසල්වාසීන් දැනුවත් කළත් ඔවුන් පැමිණීමට පෙර අදාළ පුද්ගලයා කාන්තාව ත්‍රීරෝද රථයකින් රැගෙන ගොස් ඇත.

පිරිමි දරුවා විසින් ලබා දුන් අදාළ ත්‍රීරෝද රථයේ අංකය ඔස්සේ පරීක්ෂණ කර ත්‍රීරෝද රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී තිබේ.

කෙසේවෙතත් පැහැරගැනීමට ලක් වූ කාන්තාව පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නැත.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Rate this item
(0 votes)