April 20, 2024

Song of Sparrows (ඉරාන) චිත්‍රපටිය අගෝස්තු 01 දා ප්‍රදර්ශනය කෙරේ

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය සංවිධානය කරන මාසික සිනමා දැක්ම යටතේ අගෝස්තු 01 දා  Song of Sparrows චිත්‍රපටය තිරගත වේ.

ඉරානයේ ප්‍රමුඛතම සිනමාකරුවකු වන මජිඩ් මජිඩිගේ (Majid Majidi) විශිෂ්ට සිනමා නිර්මාණයක් වන Song of Sparrows චිත්‍රපටය අන්තර් ජාතික සිනමා පර්ෂදයන්ගේ ඉමහත් සම්මානයට හා ප්‍රශංසාවට ලක් වූ සිනමා නිර්මාණයකි.

සත්ව ගොවිපලක රැකියාව කරමින් සිටියදී ඉන් නෙරපනු ලබන කරීම් නම් පහළ පංතියක ගැමියකුගේ සමාජ සබඳතා,පවුල් සබඳතා මෙන්ම ජීවන ආකල්ප ද ඔහු නගරයේ රෑකියාව සොයා යෑම ඔස්සේ බිද වැටෙන අයුරු සහ ඔහුගේ අධ්‍යාත්මික විදවීම් ඉතාම සරල සිනමා රීතියක් ඔස්සේ ප්‍රේක්ෂකයා වෙත මනාව සන්නිවේදනය කිරීමට මෙම චිත්‍රපටය සමත් වේ.

අගෝස්තු 01 දා පස්වරු 3.30ට කොළඹ 7 බෞද්ධාලෝක මාවත සරණ පාරේ ( පිටුපස) ජනකලා කේන්ද්‍රයේ දී (ජාතික ක්‍රිස්තියානි මංඩල ශ්‍රවනාගාරය) මෙම චිත්‍රපටය තිරගත කෙරේ.ඊට පෙර සම්මානලාභී තරුණ සිනමාකරුවෙකු වෙන ඉන්දික ප්‍රදිනාන්දු මජීඩ් මජිඩි සහ ඉරාන සිනමා පිළිබඳ කෙටි දෙසුමක් පවත්වයි.

Rate this item
(0 votes)