March 28, 2024

බොන්නට දිය පොදක් ඉල්ලන සිංහගම වැසියෝ

පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොටසේ පිහිටි 125 සිංහගම,අළුත්ඔය වැසියෝ බොන්නට දියපොදක් සඳහා ස්ථිර ජල ව්‍යාපෘතියක් ලබා දෙන්නැයි ඉල්ලා සිටිති.

ජලයට අමතරව පොදු පහසුකම් නොමැතිව මේ ජනතාව දැඩි දරිද්‍රතාවයෙන්ද, නියගයෙන්ද,වන අලින්ගෙන්ද, ආහාර හිගයෙන්ද අසරණ වී සිටිති.

මේ ප්‍රදේශය එක පසකින් අනුරාධපුර දිස්ත්‍රික් සීමාවටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සීමාවටත් පොලොන්නරුව දිස්ත්‍රික් සීමාවටත් පිහිටා ඇති නිසා කාගෙන් හෝ අවධානයක් නොමැති බව ජනතාව කියති.

බිමට, නෑමට ජලය හිගයව පවතින අතර බිමට පාරේ ගමන් කරන වතුර අලෙවි කරන වාහනවලින් මිලදී ගනිති.කුලී වැඩක් හෝ නොමැති දිනකට එක වේලක් සරි කර ගන්නා බොහෝ ජනතාවක් මුදල් නොමැති නිසා දිය නෑම සිදු කරන නල ළිදෙන් පානිය ජල අවශ්‍යතාව සපුරා ගනිති.පවුල් 30 කට පමණ එක නළ ළිඳක් පවතී.මේ සියලු ජල අවශ්‍යතා සපුරා ගන්නේ එමගිනි.

මෙහි පදිංචිකරුවන් ඉතාම කුඩා නිවෙස්වල ජිවත් වෙයි.කීපදෙනකුට හැරෙන්නට කිසිවකුට වැසිකිලි නොමැත,ගමට පාසලක් වෛද්‍ය මධ්‍යස්ථානයක් නැත,ජනතා අවශ්‍යතාවලට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට දුර කි මි 95 කි.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කි.මි 70කි.පොලිසියට කි.මි 35කි. පාසලකට කි.මි 07ක් හා 17 ක් යායුතුය.මුලික අවශ්‍යතාවයන් හෝ නොමැතිව ජිවන අරගලයක නිරත මේ ගම්මානයේ ජනතාව ඉල්ලා සිටින්නේ අලිවැට හා ජල පහසුකම්ය ,ඔවුන්ගේ ප්රධාන ජිවොනොපාය වන්නේ කැලෑවට ගොස් දර පලා විකිණීම, පැණි කඩා විකිණීම හා කැලෑවෙන් සොයාගන්නා දේ මහපාරේ තබා විකිනිමය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස )

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 July 2017 16:43