March 29, 2024

ගිණි අව්වේ මහ පාරේ "පැණි කෝන්" විකුණන පුංචි දියණියන්ගේ තිත්ත කතාව

හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අළුත්ඔය ප්‍රදේශයේ කුඩා අක්කා නගෝ දෙන්නෙකු මහපාරේ ගමන් කරන වාහනවලට අත දමා පැණි කෝන් විකුණති.ගිනි අව්වේ දෙපා රත්ව උඩ පනිමින් වෙළදාමේ යෙදී වෙළදාම නොමැතිව මුණ ඇබුල් කරගෙන සිටි මේ දියණියන් දෙන්නා අසල අප පැමිණි වාහනය නවතුවෙමු .

දරුවන්ගේ මවද තවත් කුඩා දරුවෙකු වඩාගෙන දියණියන් දෙන්නා අසලට ඉක්මනින් පැමිණියේ පාර අද්දර තබා ඇති උදලු මිටි, දර හෝ මි පැණි  මිලදී ගන්නට පිරිසක් පැමිණ ඇති බව සිතාය.

පැණි කෝන් විකුණන මේ දියණියන්ගේ ජිවිතවල ඇති තිත්ත කොතරම්ද නීරසද යන්න අප සොයා බලන්නට තීරණය කළෙමු.මෙසේ පැණි කෝන් අලෙවි කරමින් සිටියේ හතර වසරේ ඉගෙනුම ලබන හංසි සදමාලි සහ තුන වසරේ ඉගෙනුම ලබන හර්ෂි සදමාලි යන අක්කා නොගෝ ය.

මේ දෙන්නාට තවත් පුංචි මල්ලියක් සහ 11 වැනි වසරේ ඉගෙන ගන්නා අයියා කෙනෙකුද සිටි.හන්සිලාගේ අම්මා චන්ද්‍රිකා ප්‍රේමරත්න දරුවන් බලාගෙන නිවසේ සිටින්නීය.ආදරණිය පියාගේ එක ඇසක් අන්දභාවයට පත්ව ඇත්තේ කැලේ දර පලද්දී දර කැබැල්ලක් වැදීමෙනි.ඔහු රැකියාව ලෙස කරන්නේ කැලේ ගොස් දර මිටියක් සොයා ගැනීම.පැණි බෝතලයක් භාගයක් සොයා ගැනීම හා ගඩා ගෙඩි කඩාගෙන විත් නිවස ඉදිරිපිට පාරේ තබා කාට හෝ අලෙවි කිරීමයි.දිනකට එක වේලකින් පමණක් සරි කරගන්නා මේ පවුලේ පස්දෙනා ජිවත්වන නිවාසය කොයි මොහොතේ කඩා වැටෙද යන්න සැක සහිතය .

දරුවන් තිදෙනෙකු පාසල් අධ්‍යාපනය ලැබුවද දෙපයට දමන සපත්තුවලින් ඇගිලි බිම වදින්නේය.හරි හමන් ඇදුමක් අදින්න නැති මේ පිරිස දරිද්‍රතාවයේ පතුලේම සිටිති .ඉදිරියට වර්ෂාවක් ලැබුනොත් කුලියක් හෝ සිදුකොට නිවසට පොල් අත්තක් ටකරමක් ගන්න පෙරුම් පුරමින් සිටින දරුවන්ගේ පියා ප්‍රියන්ත රණසිංහ කිවේ කොහොම හරි දරුවන් රැකගැනීමට තනි ඇසෙන් හෝ වෙහෙසෙන බවය .ඔහුගේ දෑතේ කරගැටවලින් අත්වල ඇනුණු කටුවලින් ඒ බව මනාව අපටද පැහැදිලි විණි .

පැණි කොන් විකුණන මේ දියණියන්ගේ ජීවිතද ඉඩෝරයට හසුවී හමාරය.මේ ජිවිතවලට මල් වැස්සක් වන්නට කාට හරි හැකියාවක් ඇත්නම් ඔවුන්ගේ ලිපිනය එස් .ජි .ප්‍රියන්ත රණසිංහ ,නො 273 සිංහගම ,අළුත්ඔය , ඔවුන්ගේ ලිපිනයයි.මේ පිරිස සම්බන්ධ කරගැනීමට 076 69 95 508 අංකයට ඇමතුමක් ලබාගැනීමෙන් හැකිය.

(දඹුල්ල කාංචන කුමාර )

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 July 2017 16:13