April 19, 2024

විදුහල්පතිවරයා සමඟ අමනාපයට ආදී සිසුන් කළ වැඩක්

බගවන්තලාව අයත් කම්පියන් දෙමල මහා විද්‍යාලයේ  විදුහල්පතිවරයාගේ නිල කාමරයේ තිබු පරිගණකවලට අලාභ හානි සිදු කළ එම පාසලේම ආදී සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.සී.ධර්මප්‍රිය මහතා පවසා ඇත.

පෙරේදා (22) රාත්‍රී මෙම ආදී සිසුන් දෙදෙනා විදුහල්පතිවරයාගේ නිල කාමරයට ඇතුළු වී පරිගණක  උපකරණවලට අලාභ හානි සිදු කළ බවට විදුහල්පතිවරයාගෙන් ලද පැමිණිල්ලක් මත හැටන් පොලිස් සුනඛ අංශයේ ජොනි සුනඛයාගේ සහයෝගය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යොදාගෙන ඇත.

පරිගණක උපකරණවලට අලාභ හානි සිදුකිරීමට උපයෝගී කර ගත් පොල්ලක් ඉව කළ ජොනි සුනඛයා පාසල ආසන්නයේ පිහිටි වතු නිවාස පෙළක් මතට ගොස් සැකකාර ආදී සිසුන් දෙදෙනා හඳුනා ගත් බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේය.

විදුහල්පතිවරයා සමඟ තිබෙන අමනාපයක් හේතුවෙන් තමන් දෙදෙනා මෙම පරිගණක උපකරණවලට අලාභ හානි සිදු කළ බවත් සැකකාර සිසුන් දෙදෙනා පිළි ගෙන ඇති බව සඳහන් වේ.

ආදී සිසුන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් බගවන්තලාව පොලීසිය පැවසීය.

(හැටන් රංජිත්)

Rate this item
(1 Vote)
Last modified on Monday, 24 July 2017 11:13