April 19, 2024

මුහුදේ ගසාගෙන ගිය අලි දෙදෙනා බේරා ගත් නාවික හමුදා මෙහෙයුම (VIDEO)

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ ( 23) උදෑසන ත්‍රිකුණාමලය, රවුන්ඩ් දූපතට සහ කෙවුලියාතුඩුව අතර වූ මුහුදු ප්‍රදේශයේ සැඩ පහරකට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලි දෙදෙනකු බේරාගෙන ඇත.

මුර සංචාරයේ නියුතු වෙරළබඩ යාත්‍රාවක් මඟින් එම අලි දෙදෙනා ගසාගෙන යන බව පළමුවෙන්ම නිරීක්ෂණය කර ඇති අතර මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත දැනුම් දී ඔවුන්ගේ ද සහය ඇතිව නාවික හමුදා පුද්ගලයින් විසින් අලි දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුම දියත් කරන ලදි.පසුව ඒ සඳහා මුර සංචාරයේ නියුතු තවත් වේග ප්‍රහාරක යාත්‍රා තුනක් සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක්ද කඩිනමින් පිටත්කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරමින් අලි දෙදෙනාට උපද්‍රවයක් සිදු නොවන ලෙස මුහුදේ සිට නිරුපද්‍රිතව ගොඩබිම දෙසට රැගෙන එමින් අලි දෙදෙනා කෙවුලියා තුඩුව (ෆවුල් තුඩුව) ප්‍රදේශයට මුදාහැරීමට කටයුතු සිදු කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 July 2017 16:00