March 29, 2024

පියාට පුතා දුන් අමානුෂික දඬුවම

තම පුතා විසින් අමානුෂික ලෙස පහර දුන් බව පවසමින් පනස් අට හැවිරිදි පියෙකු බගවන්තලාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

බගවන්තලාව කර්කස්වොල් වතුයායේ පදිංචි එස්.සුබ්‍රමනියම් නමැති දෙදරු පියා තම පුතාගේ නිවසේ ලේලිය සමඟ පදිංචිව සිටින බවත් දිනපතා බිමත්ව පැමිණ තමන්ට නිවසින් පිටට යන ලෙස බලකරමින් පුතා පහර දෙන බව පවසමින් එම පියා විසින් බගවන්තලාව පොලිසියට පැමිණිලි කර ඇත.

පෙරේදා (19) රාත්‍රියේද තම පුතා විසින් පහර දීමෙන් තම උදරයට, ගෙල ප්‍රදේශයට සහ මුහුණට දැඩි තුවාල සිදු වී ඇති බවත් පවසමින් එම පියා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබනු ඇත.තම දියණියද විවාහ වී වෙනත් ප්‍රදේශයක ජිවත් වන බවත් තමන්ට වෙනත් පිළි සරණක් නොමැති බවත් එස්.සුබ්‍රමනියම් පවසයි.

පෙරේදා රාත්‍රී පහර දී නිවසෙන් පිටුවහල් කිරීමෙන් පසු එම පියා බගවන්තලාව පොලිසියට පැමිණි පුතාට එරෙහිව පැමිණිලි කර රෝහල් ගත වී තිබෙනවා.පහර දුන්නේ යැයි කියන පුත්‍රයා අත්අඩංගුවට  ගැනීමට කටයුතු කරන බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති කේ.සී.ධර්මප්‍රිය මහතා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 July 2017 11:05