April 18, 2024

අවධානමේ තිබූ "අඩි 60 පාලම" පරීක්ෂා කරන්න ගිය බිහිසුණු දුම්රිය ගමන (VIDEO)

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා පසුගිය (12) ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියක මැදිරි හතරක් පසුගිය (14) අලුයම 2.00 ට පමණ පීලි පැනීමෙන් දැඩි අලාභ හානි වූ කොටගල අඩි හැටේ පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර තිබේ.

වසර එකසිය පනහකට වඩා පැරණි එම පාලම දුම්රිය පීලි පැනීමෙන් දැඩි අලාභ හානි සිදු වූ නිසා එම පාලම යළිත් ප්‍රතිසංස්කරණ කිරීමට සති තුනක කාලයක් ගත වන බවට සැලසුම් සකස් කර තිබුණි.

දුම්රිය පාලම් නඩත්තු අංශයේ ඉංජිනේරුවන්ගේ හා සහකාර ප්‍රවාහන අධිකාරී මධ්‍යම පළාත නාවලපිටිය යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ කොළඹ බදුල්ල හැටන් යන දුම්රිය මාර්ග නඩත්තු අංශවල සේවකයන්ගේ දැඩි කැපවීම සහ උත්සාහය මත මෙම පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකි වී තිබේ.

එම ප්‍රතිසංස්කරණය කරන ලද පාලම මතින් අද (20) උදෑසන දුම්රිය එන්ජිමක් සහ මැදිරි කිහිපයක් පරීක්ෂණ චාරිකාවක් සඳහා සාර්ථකව ධාවනය කරනු ලැබීය.

එම පාලමේ යෝග්‍යතාවය තහවුරු වීමෙන් පසු මඟීන් රැගත් දුම්රිය එම පාලම මතින් ධාවනය කිරීමට කටයුතු කරන බවයි එම ඉංජිනේරුවන් පැවසුවේ.

මෙම පාලම දැඩි අලාභ හානි වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ මඟී ප්‍රවාහන දුම්රින් කොළඹ සිට හැටන් දක්වාත් බදුල්ලේ සිට කොටගල දක්වාත් ධාවනය වූ අතර එතැන් සිට දුම්රියන් දෙකට ලංගම බස් රථවලින් මඟින්ව ප්‍රවාහනය කරනු ලැබීය.

(හැටන් රංජිත් රාජපක්ෂ)  

Rate this item
(1 Vote)
Last modified on Thursday, 20 July 2017 15:44