April 20, 2024

ජා ඇළ හෝටලයකදී මත් පැන් බී අසභ්‍ය ලෙස හැසිරුණු තරුණ තරුණියන්ට අත් වූ ඉරණම (VIDEO)

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැනුවත් කර හෝටලයකදී සාදයක් පවත්වා එහිදී මත්ද්‍රව්‍ය භාවිත කර අසභ්‍ය ලෙස හැසිරුණු පිරිසකට ඊයේ (16)  උදම්මිට ගම්වැසියන් විරෝධය පළ කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත.

තත්වය පාලනය කිරීම සඳහා පොලිසියද මැදිහත් වී ඇති බව සඳහන් වේ.

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තරුණ තරුණියන් දැනුවත් කරමින් මෙම සාදය ඊයේ දවස පුරා පවත්වා තිබුණේ ජා ඇල උදම්මිට හෝටලයකදීය.

එහි පළමු අදියරය පසුගිය දා උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයකදී පවත්වා තිබුණේ එක් අයෙකුගෙන් රුපියල් 3000ක මුදලක් අය කරමිනි.

එම සාදයේ දෙවැනි අදියර උදම්මිට ප්‍රදේශයේ හෝටලයකදී ඊයේ පැවති අතර ඊට දහසකට අසන්න පිරිසක් සහභාගී වී තිබෙන බව සඳහන් වේ.

සාදයේදී මත්පැන් සහ මත්ද්‍රව්‍ය විශාල ලෙස භාවිත කළ අදාළ පිරිස හෝටලයෙන් පිටතට පැමිණ අසභ්‍ය ලෙස හැසිරීම හේතුවෙන් ගම්වැසියන් ඊට දැඩි විරෝධය පළ කර ඇත.

Rate this item
(0 votes)