July 23, 2017

පාලම උඩදී අනතුරට ලක් වූ දුම්රිය පීලි ගත කළ මෙහෙයුම (VIDEO)

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ පීලි පැන තිබූ මැදිරි හතරක් දින තුනක දිවා රාත්‍රී දුම්රිය නඩත්තු අංශවල නිලධාරීන් හා සේවකයන් විශාල කැපවීමක් හා දැඩි පරිශ්‍රමයක් දරා එම මැදිරි හතර දොඹකරයක ආධාර නොමැතිව පීලි ගත කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

පසුගිය (13) අලුයම 2.30 ට පමණ එම දුම්රිය මැදිරි හතර හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර අඩි හැටේ පාලම මතදී පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට දුම්රිය මැදිරි වලට දුම්රිය පාලමට දැඩි අලාභ හානි සිදු වී තිබුණි.

පීලි පැන පෙරලී තිබූ දුම්රිය මැදිරි පීලි ගත කිරීමට දුම්රිය දොඹකරයක අවශ්‍යතාවය පැන නැගුණද එම දුම්රිය සහිත දොඹකරය දැඩි අලාභ හානි සිදු වී ඇති පාලම මඟීන් ධාවනය කිරීමට නොහැකි නිසා බදුල්ල,නාවලපිටිය,කොළඹ මාර්ග නඩත්තු අංශවල ඉංජිනේරුවන් සහ මධ්‍යම පළාත් සහකාර ප්‍රවාහන අධිකාරී නාවලපිටිය යන මහතුන්ගේ අධීක්ෂණය යට‍තේ එම සේවකයින් විසින් පීලි පැන තිබූ මැදිරි හතර පීලි ගත කර ඇත.

දුම්රිය පීලි පැනීමෙන් අඩි හැටේ පාලමට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර එම පාලම අලුත් වැඩියා කිරීම සඳහා පාලම් නඩත්තු ඉංජිනේරු අංශ විසින් ඒ සඳහා සති කිහිපයක් ගතවන බව දුම්රිය පාලම් නඩත්තු අංශයේ ප්‍රධාන ඉංජිනේරු රංජිත් විජේසිරි  මහතා පවසයි.

එතෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු කොළඹ සිට හැටන් දක්වාත් බදුල්ලේ සිට කොටගල දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කර එතැන් සිට මඟීන්ව ලංගම බස් රථ මඟීන් දුම්රින්වලට හුවමාරු කිරීමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබේ.එම මාර්ගයේ ධාවනය කරවන භාණ්ඩ ප්‍රවාහන දුම්රිය කිහිපයක් අවලංගු කිරීමටද දුම්රිය පාලක මැදිරිය කටයුතු කර ඇත.  

(හැටන් රංජිත් )

Rate this item
(0 votes)