April 20, 2024

මග බලා සිටි පුංචි දියණිය ලඟට ජනපති යයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16) මහනුවර පැවති උත්සවයකට සහභාගී වීම සදහා යන අතරතුර කුඩා දියණියක් මාර්ගය අසලට පැමිණ ජනාධිපතිවරයා ගමන් ගන්නා දෙස ඉතා අසාවෙන් බලා සිටි අතර ජනාධිපතිවරයා එම උත්සවය අවසන් වී නැවත එම මාර්ගයේ එමින් සිටියදීත් එම කුඩා දියණිය ඉතා ඕනෑකමින් මාර්ගය අසලට වී තමන් දෙස බලා සිටිනා බව අවබෝධ කරගත් ජනාධිපතිවරයා ආරක්ෂක නිලධාරීන්ට තම නිල රථය නවත්වන ලෙස උපදෙස් ලබා දුන්නේය.

එම දියණිය අසලට ගිය ජනාධිපතිවරයා එම දියණිය සහ දියණියගේ දෙමාපියන් සමග සුහද කතා බහකද නිරත විය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 17 July 2017 12:20