March 28, 2024

කොටගල අඩි හැටේ පාලමේදී බදුල්ල දුම්රිය පිලීපනී (PHOTOS)

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිතව රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය සාමාන්‍ය අධිකාරී විජේය සමරසිංහ මහතා පැවසීය.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර කොටගල අඩි හැටේ පාලම අසලදී පීලි පැනීමකට ලක්ව තිබේ.

අද (13) අලුයම 2.00 ට පමණ මෙම පීලි පැනීම සිදු වී ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියා සිටියේය.

පීලි පැනීමෙන් දුම්රිය මැදිරි හතරකට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර දුම්රිය පාලමද කැඩී ගොස් තිබූ බවත් දුම්රියේ සෙසු මැදිරි ගලවා මඟින්ව බදුල්ල දක්වා එම දුම්රියෙන්ම ධාවනය කිරීමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබු බවත් සඳහන් වේ.

මෙම දුම්රිය අනතුරෙන් දුම්රිය මැදිරි හතරකට දුම්රිය පාලමට හා දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වී ඇත.

දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ධාවන කටයුතු හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පමණක් ධාවනය කිරීමට දුම්රිය පාලක මැදිරි කටයුතු කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

(හැටන් රංජිත්)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 July 2017 22:49