April 25, 2024

නන්දිකඩාල් කලපුවේ අද තත්වය මෙන්න (PHOTOS)

මුලතිව් දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් නන්දිකඩාල් කලපුව ඇතුළු කුඩා කලපු සිඳී යාමත් සමඟ කලපු ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදුණු ධීවර පවුල් 4800ක් පමණ දෙනා පීඩාවන්ට පත්ව සිටින බව ධීවරයින් කියා සිටිති.

වෙනත් වසරවලට වඩා මෙවර නන්දිකඩාල් කලපුවේ එක් පැත්තක් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර කලපුවේ ඉතිරි ජල මට්ටමද සීග්‍රයෙන් සිඳී යමින් පවතින අතරම නන්දිකඩාල් කලපුව අවට පිහිටි කුඩා කලපු කිහිපයක්ද සම්පූරණයෙන්ම සිඳී ගොස් ඇති බවට ප්‍රදේශයේ ධීවරයින් කියා සිටිති.

පසුගිය දිනයන්හි නන්දිකඩාල් කලපුවේ මසුන් දහස් ගණනක් මිය ගියේද අධික පෑවිල්ලත් සමඟ කලපුවේ ජලය උණු වීම නිසා බවටද මාළුන් විශාල ප්‍රමාණයක් එකවර මිය යාම නිසා සිය මත්ස්‍ය කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වූ බව ද එම ධීවරයින් කියා සිටිති.

කෙසේ වෙතත් පවතින දැඩි නියං තත්වය හේතුවෙන් කලපු ජලය අඩුවීම නිසා මසුන් වෙළඳාම අඩුවීමත් සිය ආර්ථිකයටද දැඩි බලපෑමක් ඇති වීමෙන් ගැටළු රැසකට මුහුණ පා ඇති බව ද මුලතිව් ධීවරයින් වැඩි දුරටත් කියා සිටිති.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)