April 25, 2024

ටිපර් රථයට ගිනි තබා කළහකාරීව හැසිරුණු 39ක් රිමාන්ඩ් (PHOTOS)

නානුඔය නගරයේදී ඉකුත් මස (15) වන දින සිදුවූ රිය අනතුරකින් පසු එම ටිපර් රථයකට ගිනි තබා කලහකාරී ලෙස හැසිරුණු තිස්නවදෙනෙකු ලබන  (18) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවරඑළිය දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් රුවන් ඉන්දික සිල්වා මහතා ඊයේ (4) නියෝග කළේය.

එදින රිය අනතුරකින් පාසල් දැරියක් මියයෑමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් ටිපර් රථයට ගිනි තබා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට පැය අටකට ආසන්න කාලයක් බාධා කර තිබූ බව සඳහන් වේ.පසුව මෙම සැකකරුවන් හඳුනා ගෙන ඔවුන්ට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හරහා සිතාසි නිකුත් කිරීමෙන් පසු එම සැකකරුවන් ඊයේ (4) අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් පසු මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වේ.

මෙම සැකකරුවන්ට එරෙහිව අයිති ජනරාසිය රාජකාරියට බාධා කිරීම, පොදු දේපළවලට හානි කිරීම, සාපරාධී බලහත්කාරකම් කිරීම යන චෝදනා ගණනාවක් යටතේ අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි නුවරඑළිය පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා පැවසුවේය.

මෙම රිය අනතුරෙන් පසු නානුඔය පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු රථ වාහන අංශයේ නිලධාරීන් රැසක් තාවකාලිකව නුවරඑළිය මුලස්ථාන පොලීසිය වෙත මාරු කර යවා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

(හැටන් - රංජිත්)

Rate this item
(0 votes)