March 28, 2024

ගංවතුරෙන් අවතැන් වූවන්ට ආධාර උපකාර කළ ජනතාවට සෙත්පතා පිංකමක්

ගංවතුර හේතුවෙන් අවතැන් වූ ජනතාවට උදව් උපකාර කළ සියලු දෙනාට සෙත් පතා පසුගිය ජුනි මස 30 වනදා හබරකඩ පිරිවෙණේදී බෝධි පූජා පිංකමක් පවත්වා තිබේ.

ඊට සමගාමීව 15 නමකට සංඝගත දක්ෂිනාමය දානමය පිංකමක් පසුගිය ජූලි 01 වන දා දහවල් හබරකඩ ගිංනදී සමිති ශාලාවේදී පැවැත්විණි.

පසුගියදා ඇතිවූ ගංවතුර ව්‍යසනයේදී ආපදාවට ලක්වූ ජනතාවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ආධාර උපකාර කිරීමට කටයුතු කළ අතර එහිදී ඇතැම් ප්‍රදේශවලට ආධාර අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් ලැබී තිබූ බව වාර්තා විය.

එලෙස ආධාර උපකාර කළ ජනතාවට සෙත්පතා පිංකමක් සංවිධානය කිරීමට හබරකඩ ජනතාව කටයුතු කර තිබිණි.

Rate this item
(0 votes)