April 23, 2024

වසර 27කට පසු මයිලිඩ්ඩි ගමක පදිංචියට ගිය ජනතාව ප්‍රශංසා කළ හේතුව (PHOTOS)

යුද සමයේදී අධි ආරක්ෂිත කලාප වශයෙන් නම් කෙරුනු යාපනය වලිකාමම් මයිලිඩ්ඩි ප්‍රදේශය නිදහස් කොට මුල් අයිතිකරුවන් වෙතට දීමෙන් පසුව මුල් ඉඩම් හා ආගමික ස්ථාන පරික්ෂා කළ වැසියන් ආරක්ෂක අංශ වෙතට ප්‍රශංසා කොට ඇති බව වාර්තා වේ.

27 වසරකට පසුව මයිලිඩ්ඩි ප්‍රදේශයේ නැවත පදිංචියට ගිය මුල් පදිංචි කරුවන් වෙතට දැක ගත හැකි වූවේ සිය මුල් ඉඩම්හි පිහිටි නිවාස යුද්ධයෙන් විනාශ වී ගියද පුරාණ හින්දු කෝවිල් ආරක්ෂක අංශ විසින් ද සිය ආගමික වතාවත් සිදු කරමින් එම ස්ථාන ආරක්ෂා කර ඇති හෙයින් එම වැසියන් යුද හමුදාවට හා නාවික හමුදාවට සිය ප්‍රශංසාවන් පල කර සිටියේ නැවතත් සිය ධීවර කර්මාන්තය ආරම්භ කිරීමට හැකි වනු ඇති බවට පවසමිනි.

ඊට අමතරව ප්‍රදේශයේ පිහිටි පොදු ළිං ආගමික ස්ථාන පිලිසකර කර දීමද යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් අදාල නිලධාරීන් වෙතට උපදෙස් ලබා දී ඇත.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)