April 19, 2024

පියා පැද වූ ලොරියට සිඟිති දියණිය යටවෙයි

පියා පැදවු ලොරියට යට වී අවුරුදු දෙකහමාරක් වයසැති දියණියක් මියගොස් ඇතැයි මඩොල්සිම පොලීසිය පවසයි .

පෙරේදා (1)  සවස 3.30 පමණ මඩොල්සිම මහදෝව වත්තේ අමුනුදෝව කොටසේ ළමා සුරැකුම් මධ්‍යස්ථානය අසල පිහිටි ඔවුන්ගේ නිවස ඉදිරියේදී සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ බාලචන්ද්‍රන් කෞශල්‍යා නැමති දැරියකි.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් මත මඩොල්සිම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රත්නසිරි බණ්ඩාර මහතාගේ උපදෙස් මත මඩොල්සිම පොලීසිය ලොරිය පැද වූ පියා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද වාර්තා වේ.

(බදුල්ලේ පාලිත ආරියවංශ)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 July 2017 16:51