April 20, 2024

හක්ක පටස් කෑ අලියාට සිදු වූ දේ

වව්නියාව සාලම්බකුලම් පූවර්සන්කුලම් පොලිස් වසමේ ඉලුප්පයිකුලම් වැව් රක්ෂිතයේ හක්ක පටස් බෝම්බයකට හසු වීමෙන් මිය ගිය වල් අලියෙකුගේ සිරුරක් හමු වී ඇති බව වාර්තා වේ.දින ගණනකට පෙර කිසියම් පුද්ගලයෙකු විසින් අටවන ලද හක්ක පටස් බෝම්බයකට මෙම වල් අලියා ගොදුරු වී ඇති බවට ප්‍රදේශවාසීන් පැවසීය.

හක්ක පටස් බෝම්ය වල් අලියාගේ මුඛයේ පුපුරා යාම නිසාවෙන් කෑම ආහාරයට ගැනීමට නොහැකිව සිටියදී වනජීවි නිලධාරීන් වල් අලියාට ප්‍රතිකාර කිරීමට උත්සහ දැරුවද එම උත්සහය අසාර්ථක වී ඇති අතර පසුව ඉලුප්පයි කුලම් වැව් රක්ෂිතයේ මිය ගොස් සිටියදී එම වල් අලියාගේ සිරුර හමු වී ඇත.

මුඛයේ සිදු වූ තුවාලය නිසාවෙන් අලියාට දින ගණනක් ආහාර ගැනීමට නොහැකිව මිය ගොස් ඇති බවට වව්නියාව වනජීවි නිලධාරීහු වැඩි දුරටත් කියා සිටියහ.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(2 votes)
Last modified on Friday, 30 June 2017 16:53