April 19, 2024

'සිත්වල කෝ බන් ආදරේ ' උමාලි - සාරංග යළි හමුවූ විට හැඟුම්බරව කී දේ (VIDEO)

උමාලි තිලකරත්න සහ සහ සාරංග දිසාසේකර අතර විවාහය දෙදරා ගිය බවට පසුගිය කාලයේ වාර්තා පළ විය.

මේ කතාබහ අතරතුර ඔවුන් දෙදෙනා පෙරේදා (24) පැවති 13 වන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී යළිත් හමුවී තිබෙනවා.

එහිදී 2016 විශිෂ්ඨතම නිළිය ලෙස සම්මානය ලබා ගත්තේ ද උමාලි තිලකරත්නයි. එහි විශේෂත්වය වූයේ ඇගේ සැමියා වූ සාරංග දිසාසේකර සම්මාන උළෙලේ නිවේදකයා ලෙස කටයුතු කිරීමයි.

එහිදී ඇය සඳහන් කළේ සාරංග මයික්‍රෆෝනය එලෙස අල්ලාගෙන සිටීම ගැන තමන් සතුටු බවයි.

සම්මානය ලබා ගත් පසු ඇය අදහස් පල කරමින් ‘රංගනය නිසා මට ලැබුණු පළවෙනි සම්මානය ඔයා’ යයි කියා සිටියද මයික්‍රෆෝනය අල්ලාගෙන සිටි නිවේදක සාරංගගෙන් ඊට කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබින.

මෙම දෙදෙනාගේ විවාහය දෙදරා ගොස් ඇතැයි පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇතිව තිබුනත් මෙතෙක් ඔවුන් එය සෘජුව ප‍්‍රතික්‍ෂෙප කිරීමක් හෝ පිලිගැනීමක් සිදු කර නැත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාරංග දිසාසේකර සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහන් කර තිබිණි.

“කුමාරයයි, වැද්දයි, පිය රජතුමයි… අන්තිමට රට වැසියොයි ඔක්කොම අන්ඳපු අපේ කාලයේ මනමේ කුමරිය වේදිකාවට සැපත්වූ වගයි.“ යනුවෙනි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Monday, 26 June 2017 12:36