April 20, 2024

ඩෙවෝන් ඇල්ලට පෙරලීමට ගිය බස් රථයක් 99න් බේරෙයි (PHOTOS)

දිඹුල රාවණාගොඩ සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක් වී ඇති බව වාර්තා වේ.

අද අලුයම 3.30 ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව දිඹුල පොලීසිය පවසයි.

අධික වේගයෙන් ධාවනය වී ඇති ලංගම බස් රථය ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගයේ කන්දක හැපී මෙම අනතුර සිදු වී ඇත.

මෙම බස් රථය කන්දේ ගැටී නොනැවතුනේ නම් ප්‍රධාන මාර්ගයට පහළින් වූ ඩෙවෝන් ඇලට පෙරලී විශාල අනතුරක් සිදු වීමට ඉඩ තිබූ බව අනතුර පිලිබඳ පරීක්ෂණ පවත්වන දඹුලු පොලීසිය පැවසීය.

බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ බස් රථය තුළ මඟින් හැට දෙනෙකු පමණ ගමන් කර ඇති අතර කිසිවෙකුටත් මෙම අනතුරෙන් තුවාල සිදු වී නොමැති බවයි පොලීසිය පැවසුවේ.

අලුයම කාලයේ බස් රථ ධාවනයේදී රියදුරන් අතර තරගයක් පවතින බවත් එම තරගයක ප්‍රතිඵලයක්  වශයෙන් අධික වේගයෙන් ධාවනය වූ බස් රථය ලිස්සා ගොස් මෙම අනතුර සිදු වී ඇති බවත් අනතුර පිලිබඳ පුළුල් පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ලංගම බස් රථය මීතොටමුල්ල ඩිපෝවට අයත් බස් රථයක් බවත් පොලීසිය පවසයි.

(හැටන්-රංජිත්)

Rate this item
(1 Vote)
Last modified on Friday, 23 June 2017 17:44