April 25, 2024

සිරුර ගිනි ගැනීමෙන් කම්කරුවෙකු අභිරහස් ලෙස මිය යයි

බගවන්තලාව පොලිස් වසමට අයත් ෆෙට්‍රරසෝ වතු යායේ පදිංචිකරුවකු සිරුරට ගිනි ඇවිලීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ එම වතු යායේම පදිංචි සුබ්‍රමනියම් මර්දෙයි නැමති 70 වියැති තිදරු පියෙකි.

ඊයේ 20 පස්වරු 5.30 ට පමණ මියගිය මොහු සිරුරේ ගිනි ඇවිලෙමින් නිවසේ වැතිරී සිටි බව මියගිය අයගේ ලේලිය විසින් පොලීසියට දන්වා තිබේ.

සිරුරට ගිනි ගත් ආකාරය පිලිබඳ පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 21 June 2017 10:11