April 24, 2024

දිනකට සෙල්ෆි 03කට වැඩිය ගත්තොත් මොකද වෙන්නේ? වෛද්‍ය මතය මෙන්න

සෙල්ෆි ඡායාරූප ගැනීමේ එක් පැතිකඩක් වන්නේ ඇබ්බැහි වීම බව ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක, වෛද්‍ය කමල් එස්. ජයසේකර මහතා පවසයි.

තමන්ගේම රූපයට තමන් පමණට වඩා ආදරය කිරීම රාගයෙන් මත්වීම වැනි තත්ත්වය තමා විසින් පමණ ඉක්මවා සෙල්ෆි ඡායාරූප ගැනීමට යොමුවී ඇති බව පෙන්වා දුන් වෛද්‍යවරයා තවත් පිරිසක් තමන්ගේ පෞර්ෂය බාල නිසා ඌණ පෞර්ෂයකින් සිතා සිටින බවත් කියා සිටියේය.

තමන්ගේ අඩු පෞර්ෂය අන් අයට නොදැනෙන්නට තමා වඩා පෞර්ෂමත් කෙනෙකු බව පෙන්වීමට දරන උත්සාහයේ ප්‍රථිපලයක් ලෙස වඩා අවදානම් අවස්ථාවන් වලට මුහුණ දෙමින් එම පුද්ගලයින් ‍සෙල්ෆි ඡායාරූප ගැනීමට පෙළඹී ඇති බවද වෛද්‍ය කමල් එස්. ජයසේකර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් ජීවිත අහිමිවීමේ සිද්ධීන් පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් වාර්තා විය.

කෙසේ වෙතත් මනෝ වෛද්‍යවරුන් මත පළ කරන්නේ අන් අයගේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් දිනකට සෙල්ෆි ඡායාරූප 03කට වඩා ලබාගෙන අන්තර්ජාලයට එක් කිරීම ඇතැම්විට අසාමාන්‍ය මානසික ව්‍යාකූලතාවයක් විය හැකි බවයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 20 June 2017 10:55