April 20, 2024

පාසල් දැරියක් යට කරගෙන ගිය ටිපර් රථයට සිදු වූ දේ මෙන්න

නුවරඑළිය සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ ටිපර් රථයකට නානුඔය නගරයේ දී කහ ඉර මතින් පාර මාරු වූ පාසල් දැරියක් යට වී  මිය යාමේ සිද්ධියක් වාර්තා වේ.

අද (15) උදෑසන 7.00ට පමණ මෙම අනතුර සිදු වී  ඇත්තේ නානුඔය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය දුම්රිය පාලම අසලදීය.

අනතුරෙන් එම දැරිය එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ප්‍රදේශවාසීන් එක්ව එම ටිපර් රථයට ගිනි තබා ඇති බවත් වාර්තා වේ.

මේ හේතුව නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු ද සම්පුර්ණයෙන් ම අඩාල වී තිබූ බව නානුඔය පොලීසිය සඳහන් කරයි.

අනතුර සිදුකළ ටිපර් රථ රියදුරුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් අතර මෙම අනතුරත් සමඟ පොලීසිය හා ප්‍රදේශවාසීන් අතර දැඩි උණුසුම් තත්වයක්ද ඇති විය.

මේ වන විට පොලීසිය මඟින් උණුසුම් තත්වය පාලනය කර ඇති අතර එම ස්ථානයේ මාර්ගයේ ගමනාගමන කටයුතුද මේ වන විට යථා තත්වයට පත්වී ඇති බව තවදුරටත් ප්‍රකාශ කරයි.

(හැටන් - රංජිත්)

Rate this item
(1 Vote)
Last modified on Thursday, 15 June 2017 13:54