April 23, 2024

කවුරුත් පුදුම කරමින් සහේලි මංගල දිනයේ ගැයූ යුග ගීතය - වීඩියෝව මෙන්න

"ආයුබෝවන් මහ රජාණෙනි" ගීතය තුළින් ජනප්‍රියත්වයට පත් සහේලි රෝචනා ගමගේ මහත්මියගේ විවාහ උත්සවය ඊයේ (14) දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවතිණි.

ඇයගේ අතිනත ගත් තරුණයා උදාර කපුකොටුව නැමැති වෛද්‍යවරයෙකි.

සහේලි - උදාර යුවලගේ "සසර පෙරදා බැදුණු විලසේ" නැමති ගීතය ඔවුන්ගේ විවාහ දිනයේදී එළිදක්වා ඇත. එම ගීතය රඹුක්කන සිද්ධාර්ථ හිමි විසින් රචිත අතර සංගීත නිර්මාණය අනුෂ්ක දසනායක විසිනි.

විවාහයෙන් පසුව නැවත විදෙස්ගතවන බවත් වෘත්තීය කටයුතුවලට අමතරව සංගීත කටයුතු සිදු කරන බවත් සඳහන් වේ. 

("සසර පෙරදා බැදුණු විලසේ" නමැති මොවුන්ගේ යුග ගීතය ගායනා කරන වීඩියෝව පහතින්)

Rate this item
(2 votes)
Last modified on Thursday, 15 June 2017 16:01