April 26, 2024

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටේ - තරුණයන් සිව්දෙනෙකුට බරපතලයි

යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේදී ඊයේ (13) යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණයන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව චාවකච්චේරිය පොලීසිය සඳහන් කළේය.

චාවකච්චේරිය තනංකිලප්පු ප්‍රදේශයේ පිහිටි මංසන්ධියේදී මෙම අනතුර සිදු වී ඇති අතර එම තරුණයන් සිව්දෙනා යාපනය වඩුක්කොට්ටෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකු චාවකච්චේරිය රෝහලටත් අනෙක් තරුණයන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලටත් යවා ඇති බව පොලීසිය තවදුරටත් කියා සිටියේය.

(වන්නි රොමේෂ්)

Rate this item
(0 votes)