April 20, 2024

නැන්දම්මා ගැබිණි ලේලියව පුච්චයි (VIDEO)

සිව්මස් ගැබිණි ලේලියට අමානුෂික ලෙස ගිනි පෙලෙල්ලෙන් පුච්චා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී ඒ.එස්.කේ.ජයසූරිය මහතා බගවන්තලාව පොලීසියට පැමිණි කර තිබේ.

බගවන්තලාව ෆ්‍රට්රෝසෝ වතුයායේ පදිංචි ලෙච්චමන් විජේමණි නමැති 22 හැවිරිදි මෙම ගැබිණි කාන්තාව සායනික කටයුතුවලට පැමිණි අවස්ථාවේදී ඇයගේ ශරීරයේ තිබූ පිළිස්සුම් තුවාල පිලිබඳ සැක සිතූ සෞඛ්‍ය අධිකාරිවරයා මේ පිලිබඳ විමසීමේදී ඇය කියා සිටියේ නැන්දම්මා විසින් ඇයව මෙලෙස වද හිංසාවලට ලක් කර ඇති බවයි.

පසුව ඇයව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇති බව සඳහන් වේ.

සිව්මස් ගැබිණිය තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඇයගේ පළමු දරුවාටත් නැන්දම්මා විසින් මෙවැනි අමානුෂික පහරදීම් සිදු කරන බවයි.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 June 2017 15:23